රට විරුවන්ට පැය 08ක් නිදාගැනීම ඇතුළු මූලික පහසුකම් හදා ගන්න රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා

කීර්ති ප්‍රනාන්දු-

රැකියා සඳහා  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයට යන ශ්‍රමිකයන්ගේ පහසුකම් හා අයිතිවාසිකම් වැඩි කරදීමට එරට තානාපති කාර්යාලය හරහා සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගෙනඇති බව කම්කරු අමාත්‍යාංශය පවසයි.

සෑම ශ්‍රමිකයෙකුටම පැය 08ක්වත් නාදා ගැනීමේ අවස්ථාව ලබා දීම, සතියකට දින 02ක් විවේක ලබා දීම, ගුවන් ගමන් බලපත්‍රය ඇපයට තබා නොගැනීම, ශ්‍රමිකයාගේ නමින් ඇති බැකු ගිනුමකට වැටුප් බැර කිරීම, ශ්‍රමිකයාට ඔහුගේ ආහාරපාන  ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයට පිළිවෙළ කර ගැනීමට අවස්ථාව සැලසීම,  ශ්‍රමිකයාට ජංගම දුරකථනයක් ලඟ තබා ගැනීමට අවස්ථාව සලසා දීම, යන කාරණා පිළිබඳව මෙසේ සාකච්ඡා කරන බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්දව අදහස් දක්වන කම්කරු අංශයේ ප්‍රමාණිකයන් පවසන්නේ  මෙතුවක් කල්  ලාංකික ශ්‍රමිකයන් මැදපෙරදිග යවා ඇත්තේ මේ මූලික මානුෂික පහසුකම්වත් නොමැතිව වීමත් තමන්ගේ රටින් එවන ශ්‍රමිකයෙක් සඳහා මෙවැනි මූලික මානුෂීය පහසුකම් ලබා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා කිරීමට සිදුවීමත් පුදුම සහගත බවය.


 

Exit mobile version