“රටට අවශ්‍ය සංශෝධනයක් නෙවෙයි සම්පූර්ණ ව්‍යවස්ථාවක්”

ඇමති විදුර වික්‍රමනායක කියයි

අද මේ රටට අවශ්‍යව ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව සම්පූර්ණ ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ලංකාසරට පැවසීය.

සම්පූර්ණ ව්‍යවස්ථාවක් සකස් කරනවා වෙනුවට පවතින ව්‍යවස්ථාවේ කෑලි ගලවමින් පැලැස්තර විසඳුම් ගෙන ඒමෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට හෝ රටට කිසිදු පලක් නොවන බව හෙතෙම අවධාරණය කළේය.

විසිවන සංශෝධනය පිළිබඳව මේ වන විට ජනතාව තුළ අනවශ්‍ය කලබලයක් ඇති කර තිබෙන බවත් එවැනි කටයුත්තකදී ඉන් රටට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද කියා බැලිය යුතු බව වික්‍රමනායක මහතා පෙන්වා දුන්නේ ය.


මේ වන විට විසිවෙනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන කරුණක් බැවින් පුංචි ළමයින් මෙන් ඒ ගැන තමන් මත පළ නොකරන බව ද සඳහන් කළේය.

මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ මතය ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුවට ලැබුණ පසු පුළුල් අධ්‍යයනයකින් පසුව තම මතය ප්‍රකාශ කරන බවත් එතෙක් නිහඬව බලා සිටීමට තමා තීරණය කළ බවත් වික්‍රමනායක මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විසිවැනි සංශෝධනය සම්බන්ධව තමා ඈඳා ගනිමින් විවිධ වෙබ් අඩවි සහ මාධ්‍යවල ප්‍රචාරය වී තිබෙන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යයක් නොමැති බව ද වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version