රංජන්ගෙන් සල්ලි දන්සලක් දෙන්න සැලසුමක්…..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන් ජනතාව අතර මුදල් බෙදා හැරීමට සූදානමින් සිටින බව ඔහුගේ යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රකාශ කළේය.

නඩත්තු කිරීම සඳහා දරුවන් නැති පවුලක් නැති නෑදෑ පරපුරක් නැති තමන්ට වියදම් කරන්නට ඇත්තේ තමන් මේ තත්වයට ඔසවා තැබූ ජනතාව වෙනුවෙන් පමණක් බව ඔහු කියා සිටියේය.

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රීවරයෙකුට ලැබිය යුතු කිසිම දීමනාවක් ලබා නොගත් බවත් නිසා ඒවා මෙතෙක් තැන්පත් වී තිබී රුපියල් ලක්ෂ 40ක් දක්වා එක් වී ඇති බවත් ඔහු කීවේය. ඔහු එම මුදල පාර්ලිමේන්තුවට ලියා එක්වර රැගෙන තිබිණි. ජනතාව අතර බෙදා හරින්නට හදන්නේ මේ මුදලය.


සිය යූ ටියුබ් චැනලය ඔස්සේ විශේෂ දැනුම් දීමක් කරන රන්ජන් රාමානයක මුදල් නොමැති වීමෙන් පීඩාවට පත්ව මේ මොහොතේ මුදල් අත්‍යවශ්‍යම පිරිස් තම පෞද්ගලික ලේකම්වරයාට අමතා මුදල් ප්‍රදානයන් පිළිබඳව සම්බන්ධීකරණය කරගන්නා ලෙස දන්වා සිටියේය. රණවිරුවන්ට හා කලා ක්ෂේත්‍රයේ සොයුරු සොයුරියන් මේ මුදල් ප්‍රදානයේ දී ප්‍රමුඛස්ථානය ලැබෙන බව ඔහු කීවේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් ලක්ෂ 40කින් ආරම්භ කළ මෙම ආධාර මුදලට එකතුවන ලෙස ඔහු ධානපතීනගෙන් ප්‍රසිද්ද ඉල්ලීමක් ද කළේය.

Exit mobile version