යෝධ මුහුදු ඌරෙකුගේ මළසිරුරක් මන්නාරම් වෙරළට ගොඩගසයි

දිනසේන රතුගමගේ:

කිලෝග්‍රෑම් 700 ක් පමණ බර අඩි දොළහක් පමණ දිග යෝධ මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් 9 දා සවස මන්නාරමේ වන උද්‍යානය අසල මුහුදු වෙරලට ගොඩ ගසා තිබේ.

මෙම වන උද්‍යානය පිහිටා ඇත්තේ මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයට යාබදව ආදම් පාලම අසල වන අතර මුහුදු ඌරාගේ සිරුර ගොඩ ගසා ඇත්තේ එම ප්‍රදේශයටය.


මුහුදු යාමට ගිය ධීවරයින් පිරිසක් මෙම ඌරෙකුගේ මළ සිරුර දැක ඇති අතර ඔවුන් ඒ පිළිබදව ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැණුම් දීමෙන් පසුව නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ යෝධ මුහුදු ඌරා විෂ දැලක පැටලීම නිසා මියයන්නට ඇතැයි විශ්වාස කරණ ධීවර පරීක්ෂක නිලධාරීන් වනජීවී නිලධාරීන්ගේ හා වෛද්‍යවරුන්ගේ සහය ලබාගෙන එම මුහුදු ඌරා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත් මත්සයාගේ සිරුර මිහිදන් කිරීමටත් මන්නාරම අධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පියවර ගෙන ඇත.

Exit mobile version