යුද හමුදා සෙබලාගේ ඇටසැකිල්ල හමුවූ තැන කැණීම් නවතී….

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා නිල ඇදුම් උපකරණ හා මිනිස් ඇට සැකිළි කොටස් හමු වීමෙන් පසුව කිළිනොච්චිය විලාවෝටෙයි ප්‍රදේශයේ කැණීම් සිදු කළ මිනී වළේ කැණීම් නවතා දමන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් ඊයේ (7 ) පොලීසියට නියෝග කොට තිබේ.

මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කොට ඇත්තේ පොලීසිය හා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා දුන් වාර්තා දෙකක් සැලකිල්ලට ගනිමිනි.

මේ ස්ථානයේ සමූහ මිනී වළක් ඇති බවට ඇති වූ සැකය මත එම ස්ථානයේ දිගටම කැණීම් කටයුතු සිදු කොට අධිකරණයට වාර්තාවක් සපයන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුවය.

කිළිනොච්චිය විලාවෝටෙයි ප්‍රදේශයේ කුඹුරකින් යුද හමුදා නිල ඇදුම්, හමුදා නිලධාරීන් භාවිත කරණ මෙවලම් සමග මිනිස් ඇටසැකිළි කොටස් හමුවූයේ පළාතේ කුඹුරු හිමියෙකු කුඹුරට ජලය ලැබෙන පැරණි වේල්ලක් ඉවත් කිරීමට ගිය අවස්ථාවේදීය.

පොලිස් නිලධාරීන් පැමිණ කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ යුද සමයේදී මේ ස්ථානයේදී එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් ඝාතනය කරණ ලද බවට සැකකළ හැකි යුද හමුදා භටයින්ගේ මළ සිරුරු මේ ස්ථානයේ මිහිදන් කරන්නට ඇති බවයි.

Exit mobile version