යාපනේ මිනීපෙට්ටි වෙළෙන්දෝ ආණ්ඩුවෙන් කාර්ඩ්බෝඩ් මිනී පෙට්ටි ඉල්ලති..

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේදී මියයන කොරෝනා රෝගින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම මිනී පෙට්ටි සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගී ඇති නිසා යාපනයට කාඩ්බෝඩ් මිනීපෙට්ටි සපයා දෙන ලෙස මිනීපෙට්ටි අලෙවි කරන්නන් රජයෙන් ඉල්ලීමක් කොට තිබේ.

යාපනයේ මිනී පෙට්ටි අලෙවි කරන්නන් මේ පිළිබදව යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අංගජන් රාමනාදන්ගෙන් ඉල්ලීමක් කිරීමට සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර යාපනයේ මිනී පෙට්ටි වෙළෙන්දන් කියා සිටින්නේ මේ දිනවල යාපනයේ මිනී පෙට්ටිවල මිල ගණන් එකිනෙකට වෙනස් මිලක් වීම නිසා කොරෝනා රෝගයෙන් මියයන පවුල්වල පිරිස් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

සියලුම දෙනා භාවිත කරනු ලබන්නේ කාඩ් බෝඩ් මිනී පෙට්ටි නම් එවැනි තත්ත්වයක් උද්ගත නොවන බව පෙන්වා දෙන යාපනයේ මිනී පෙට්ටි වෙළෙන්දෝ බස්නාහිර පළාතෙන් නිපද වූ කාඩ්බෝඩ් මිනී පෙට්ටි ලබා ගැනීමට ක්‍රමයක් යාපනයේ ව්‍යාපාරිකයින්ටද සලසා දෙන මෙන් ඉල්ලා සිටිති.

Exit mobile version