යාපනය ජාත්‍යාන්තර ගුවන්තොටුපල චෙල්වනායගම් නමින් නම් කරන්න….

ආනන්ද සංගරි ජනාධිපතිගෙන් ඉල්ලයි...

දිනසේන රතුගමගේ –

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල චෙල්වනායගම් ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස නම් කරණ මෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී ඊයේ ( 22 ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

දෙමළ ජනතාව වෙණුවෙන් හා ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සාමය වර්ධනය කරවීම සදහා චෙල්වනායගම්   විශාල සේවයක් කළ බවත් 1947 දී මුල්ම වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් පසුව ඔහු කටයුතු කළ ආකාරය අනුව  චෙල්වනායගම්   ජාත්‍යන්තර ප්‍රසිද්ධියකට පත් වූ බවත් ඔහු සදහන් කරයි.

චෙල්වනායගම්   සහ එවකට රටේ සිටි බොහෝ පාලකයන් සමග අත්සන් තබන ලද ගිවිසුම් රාශියක් ඇති බවත් ඒ සෑම ගිවිසුමකින්ම උත්සාහ කළේ මේ රටේ දෙමළ ජනතාවට යම් සහනයක් සලසා දීම බවත් ආනන්ද සංගරී  සදහන් කරයි. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගෙන් රටට සිදු වූ සේවාව අගය කිරීමක් වශයෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල චෙල්වනායගම් ජාත්‍යන්තර ගුවන් තොටුපල වශයෙන් නම් කිරීම ඉතා සාධාරණ බැවින් එය ඉටු කර දෙන ලෙස ආනන්ද සංගරී මහතා ජනාධිපතිවරයාගෙන් සිය ලිපිය මගින් ඉල්ලා තිබේ.

 

Exit mobile version