යාපනයේ යතුරුපැදි කල්ලියක් වලිකාමම් ප්‍රාදේශීය සභා සභාපතිට පහර දෙති…

දිනසේන රතුගමගේ –

යාපනය වළිකාමම්  උතුර ප්‍රාදේශීය සභාවේ  සභාපතිවරයාගේ වාහනයට 20 දා සවස ප්‍රහාරයක් එල්ල කළ බවට ඔහු යාපනයේ ඉලවාලී පොලීසියට පැමිණිලි කොට තිබේ.

ප්‍රාදේශීය සභා සභාපති එස්.සුහීර්තන් පැමිණිල්ලේ සදහන් කොට ඇත්තේ තමන් සිය නිල රථයෙන් රාජකාරියකට යමින් සිටියදී  ඉලවාලී වසන්තපුරම් ප්‍රදේශයේදී යතුරු පැදි වලින් පැමිණි පිරිසක් තම වාහනයට ප්‍රහාර එල්ල කොට පලා ගිය බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාහනයට එල්ල වූ ප්‍රහාරයෙන් වාහනයේ වීදුරුවලට හානි සිදුව ඇති අතර ඉලවාලී පොලීසිය සිද්ධිය පිළිබදව  පරික්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version