යළිත් දිනකට වැඩිම කොවිඩ් මරණ වාර්තා වේ… මරණ 167යි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 167ක් වාර්තා කළේය.

ඒ යළිත් වරක් මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවය.

මිය ගිය අය අතර පුරුෂයින් 103ක් සහ කාන්තාවෝ 64ක් වෙති.


වයස අවුරුදු 60 වැඩි මරණ 130ක් වාර්තා වේ.  වයස අවුරුදු 30 අඩු එක් මරණයක් ද ඒ අතර වේ.

දැනට රජය නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 6257කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ පිළිබඳ නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.

Exit mobile version