යළිත් කාර්මික දෝෂයක්… ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තවත් ගුවන් ගමනක් අවලංගු වෙයි!

කීර්ති ප්‍රනාන්දු –

අද රාත්‍රී 8.50ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර තෙක් පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් UL 470 ගුවන්යානයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා එම ගුවන් ගමන අවලංගුකර ගුවන් මගීන් අසල ඇති හෝටල් වෙත යොමු කර තිබේ.

දෝෂය යථා තත්ත්වයට පත් කරගෙන හෙට උදෑසන 06ට යානය නියමිත ගමන්වාරය සම්පූර්ණ කරන බව ගුවන්සේවා ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන්යානාවල දිගින් දිගටම ඇතිවන කාර්මික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීම බරපතල ඛේදවචකයක් බව ගුවන්සේවා ප්‍රවීණයන් මේ වනවිට වගකිවයුතු සෑම අංශයක් වෙතම පෙන්වා දී තිබේ.

Exit mobile version