යතුරුපැදිවලින් පැමිණ කෝච්චි බස්වලට ගල් ගහන යාපනේ කල්ලියක් සොයයි…

දුම්රියකට හා බස් රථයකට ගල් ගසා තිදෙනෙක් තුවාල ලබලා... සුඛෝපභෝගී දුම්රියේ වීදුරු කුඩු

දිනසේන රතුගමගේ –

යාපනය  හා කිළිනොච්චිය ප්‍රදේශ වලදී බස් රථයකට හා දුම් රියකට  ගල් ප්‍රහාර එල්ල කිරීම නිසා පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල ගත කොට තිබේ.

ත්‍රිකුණාමළයේ  සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට යාපනයේ කොඩිගාමම් රාමවිල් කෝවිල ආසන්නයේදී   17 දා රාත්‍රී 11 ට  පමණ එල්ල වූ ගල් ප්‍රහාරයකින් බස් රථයේ ගමන් කළ මගීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මේ ප්‍රහාරය එල්ල කලේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු බවත් ඔවුන් ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගිය බවත් සිද්ධිය දුටුවෝ පොලීසියට ප්‍රකාශ කරති.


ගිලන් රථයක් කැඳවා තුවාල ලැබූ මගීන් දෙදෙනා රෝහල් ගත කොට තිබේ.

චාවකච්චේරී පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

මේ අතර කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ උදය දේවී දුම් රියට කිලිනොච්චිය ප්‍රදේශයේදී 17 දා එල්ල වූ ගල් ප්‍රහාරයකින්  එක් දුම් රිය මගියෙකු තුවාල ලබා තිබේ.

මේ ගල් ප්‍රහාරය නිසා සුඛෝපභෝගී දුම් රියේ ජනෙල් වීදුරුවක් සම්පූර්ණයෙන්ම කුඩු වී විනාශ වී ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පොලීසිය එම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version