මොන බාධක ආවත් ලංකාව අත්හරින්නේ නෑ ! ඉන්දීය ආරක්ෂක ඇමති කියයි

ඉන්දියාව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු ආර්ථීක අර්බුදයෙන් මිදීමට හැකි උපරිම ආකාරයෙන් සහය ලබාදෙන බවට ඉන්දියාව යළිත් ප්‍රතිඥා දී තිබේ. ඒ අනුව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං පවසා ඇත්තේ තම අසල්වැසියා වන ශ්‍රී ලංකාවට මේ මොහොත් සහය වීමට උපරිමයෙන් කැපවෙන බවයි.
පසුගියදා ඉන්දීය නාවික හමුදාවේ අති නවීන යාත්‍රාවක් වන ඩුනගිරී දියඹට එක් කිරීමේ වැඩසටහනට එක්වූ අවස්තාවේදීය. ඉන්දියාවේ නිෂ්පාදිත මෙම යාත්‍රාවට සතුරු රේඩාර් පද්ධති මඟහරවා ගමන් කිරීමට හැකියාව පවති.
ඒ අනුව ඉන්දියාවද මේවන විට ලොව නවිනතම යුධ තාක්ෂණයෙන් සමන්විත නාවික හමුදා බවට පත්ව ඇත. එය ලොව විශාලතම නාවික හමුදාව සහිත අසල්වැසි චීනයේ එල්ල විය හැකි තර්ජන වලට සාර්ථකව මුහුණ දීමට අත්‍යාවශ්‍ය සාධකයක් වනු ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යරයා මෙසේද පවසා ඇත. ‟ඉන්දියාවට සිය අසල්වැසි රාජ්‍යන් සමඟ ඉතාම සාමකාමිව සහ මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට අවශ්‍යව තිබෙනවා. එය ශ්‍රී ලංකාවටද, නේපාලයටද, භූතානයටද, මියන්මාරයටද, මාලදිවයිනටද, බංගලාදේශයටද පොදු කාරණයක්. අපි අපි මිත්‍රශීලි සම්බන්ධතා ඉතා සමීපව පවත්වාගෙනයාමට එදා සිට කටයුතු කළා. ඉදිරියටත් අපි එලෙසම කටයුතු කරනවා.”

මේවන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගත්මක තත්ත්වය ගැන සියලුදෙනාම අවබෝධයෙන් කටයුතු කළයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා කොරෝනා වසංගතය සහ යුක්‍රේන ගැටුම් වලින් ගෝලීය ආර්ථිකයටද යම් බලපෑමකට ලක්ව ඇති බවද සිහිපත් කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුමන බාධා පැමිණියද ශ්‍රී ලංකාවට සහය වීම නවතා නොදමන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version