මොනරාගල ගංජා SSP ට ගංජා තොගය ඇද්ද ඇතිමලේ ගංජා OICගෙත් වැඩ තහනම්…

ගංජා ලග තබා ගත් මෙනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිද්ධියට අදාලව පසුගිය 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ ඇතිමලේ පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය ධර්මදාසගේ ද වැඩ තහනම් කර තිබේ.

ගංජා සමග හසුවූ මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාරගේ නිල නිවසේ තිබූ ගංජා තොගය සිය නිල රථයෙන් ප්‍රවාහනය කර තිබුනේ ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපති සංජය ධර්මදාස විසිනි.

පසුගිය 10 දා මොනරාගල බිබිල පාරේ පිහිටි ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිවෙසේ තිබී සිද්ධියට අදාල ගංජා කිලෝ ග්‍රෑම්. 22 ග්‍රෑ. 510ක් සහ නිදන් සෙවීමට උපයෝගි කරගන්නා ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ කිහිපයක් සමග සහකාර පොලිස් අධිකරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවේය. අනතුරුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

සිද්ධියට අදාලව ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නේ පසුගිය 12 වැනිදාය.


ගංජා ළඟ තබාගැනීම, නිදන්වස්තු සෙවීමට අනුබල දීම ඇතුළු විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මෙම නිලධාරින් දෙදෙනා ඊයේ (13) සවස මොනරාගල දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් ඒ.එල්. සජිනී අමරවික්‍රම හමුවට ඉදිරිපත් කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී මොනරාගල වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී.එස්.එස්. සිසිල කුමාර, ඇතිමලේ පොලිස් ස්ථානාධිපති එම්.එම්. සංජය ධර්මදාස මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

 

Exit mobile version