මේ පොහොර ගෙන්වීම  රටේ මිනිස්සු මහා අනතුරකට ඇද දමාවි… මට   තියෙන්නෙ විශාල කණගාටුවක්…. මහාචාර්ය ආනන්ද කුලසුරිය

පාංශු ක්ෂුද්‍ර ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද කුලසූරිය

මේ රටේ ජනතාව අනාගතයේ දී මුහුණ දිය හැකි බරපතල අර්බුදය පිළිබඳ තමන්ට ඇත්තේ බලවත් කම්පාවක් බවත් වසර 50ක පරීයේෂණ අත්දැකීම් සහිත ක්ෂුද්‍රජීවී විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කිසිම රටකින් කිසිම ආකාරයක කාබනික පොහොරක් හෝ කාබනික ද්‍රව්‍යයක් රට තුළට නොගෙන්වන ලෙස දීර්ඝ වශයෙන් සහේතුකව කරුණු දක්වා තිබිය දී රට ව්‍යසනයකට ඇද දමමින්  කාබනික ද්‍රව්‍ය ටොන් ගණනින් ගෙන්වීමට කටයුතු කර ඇති බවත්  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ආනන්ද  කුලසුරිය  පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (22) නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට එක් වෙමිනි.

එහි දී ඔහු පැවසුවේ තමන්      හරිත වගාවක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට රැස් වෙමින් පැවති පළමු රැස්වීමේදී  කිසිම කාබනික පොහොරක් හෝ ද්‍රව්‍යවයක් රට තුළට නොගෙන්වන ලෙස කරුණු සහිතව ප්‍රකාශ කරද්දී  එවැන්නක් සිදු නොවන බවට සහතික වූ බවය.


එහෙත් පොහොර ටොන් ගණනින් රට තුළට ගෙන්වීමට කටයුතු කිරීමේ ව්‍යසනය කණගාටුවෙන් බලා සිටින බව මහාචාර්යවරයා කීවේය.

එහි දී ඔහු කී කතාව මෙසේය.

“ හරි සැලසුමක් තියනවා නම් හරියාකරව රට තුළ කාබනික පොහොර නිශ්පාදනය කිරීමේ හැකියාව තියනවා. ඒ සතියෙන් දෙකෙන් නෙමෙයි. ලබන මහ කන්නය වනවිට බොහෝ දුරට සියයට අසූවක්වත් කාබනික පොහොර අවශ්‍යතාවය දේශීයව   සපුරාගන්න පුලුවන්.“

“මා හරිත ව්‍යාප්තියක්  සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායෙ සාමාජිකයෙක් විදිහට පත් කරන් හිටියා. නමුත් එහි එක රැස්වීමකට  පමණය මා සහභාගී වුනේ. ඒ ආරම්භක රැස්වීමේ දී මම පැහැදිලිව කරුණු සහිතව කිව්වා මොනම හේතුවක් යටතේවත් කාබනික පොහොර හෝ කාබනික ද්‍රව්‍ය කිසිම  විදේශ රටවලින් ලංකාවට ගෙන්වීම කොහෙත්ම සිදුසු නෑ කියලා.  එහෙම කරන්න එපා කියලා. මම රටක් නම් කළේ නෑ.“

“මේක මම කිව්වෙ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ මහාචාර්යවරයෙක් වශයෙන්. වසර පනහක පමණ පරීක්ෂණ පළපුරුද්දක් තියන විද්‍යාඥයෙක්  වශයෙන්. එහෙම ගෙනාවොත්  භයානක අවදානමක් රටට තියනවා කියන එක මා පැහැදිලි කළා.“

“ මා ප්‍රසිද්ධියෙ   එම අදහස් දැක්වූ අවස්ථාවේ  දී  ඒ අය කිව්වා –  නෑ… කොහොමටත් කාබනික ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්න අදහසක් නෑ… කියලා. “

“ අන්තිමට වුනේ මොකක් ද?. මෙට්‍රික් ටොන් ගනනින් කාබනික පොහොර පිටරටන්  ආනයනයක කරන්න හදනවා. “

“මේ පොහොර සාම්පල්  පරීක්ෂණවලදි අපි දැක්කා ශාඛවලට හානිකර ව්‍යාධි ජනක අර්වීනියා ඛාණ්ඩයේ බැක්ටීරියාවක් තියනවා.  ඒක පැලෑටි විද්‍යාඥයො හොඳින්ම හඳුනන ව්‍යාධි ජනක බැක්ටීරියාවක්.“

“අපි ඉදිරිපත් කරලා තිබුණ විද්‍යාත්මක දතත්, අපි කරලා තියන ප්‍රකාශ ගැන තැකීමක් නෑ.     අපි කියන ඒවා ගණන් ගන්නෙ නැතිව මේ ගනුදෙණු  කරගෙන යනවා. මට ලොකු කණගාටුවක් තියනවා. මේ රටේ ජනතාව ලොකු අනතුරකට පත් වේවි. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහාචාර්ය කුලසූරිය අවසාන වශයෙන් කීවේය.

Exit mobile version