මේ පාරත් මැයි දින සැමරුම් නෑ

මේ වනවිට මෙරට ඉහළ යන කොවිඩ් පැතිරීම සහ ව්‍යප්තිය සැලකිල්ලට ගෙන, සියලු පක්ෂවල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට ඒකමතිකව තීරණය කර තිබේ.

කොවිඩ්-19 වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමකට මුලපිරීමට හැකියාවක් ඇති බැවින් මැයි 1 දා මැයි දින සැමරුම් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡාවක් අද දින (20) කොවිඩ්-19 වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී මතුවූ කරුණු සැළකිල්ලට ගෙන සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගත්වය පරිදි මෙම තීරණය ගෙන ඇත.

Exit mobile version