මේ අගමැති පාර්ලිමේන්තුවේ සිටින එම තනතුරට නුසුදුසුම පුද්ගලයා.. – සුමන්තිරන්..

ජනාධිපතිවරයාට අප්‍රසාදාය පලකිරීමේ යෝජනාවක් ගෙනවිත් අගමැතිවරයාට කළ යුත්ත කරනවා....

දිනසේන රතුගමගේ –

ව්‍යවස්ථාවෙන් පරිබාහිරව හා සාම්ප්‍රදායෙන් බැහැරව  රනිල් වික්‍රම සිංහ   අග්‍රාමාත්‍යධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ අප්‍රසාදය පල කෙරෙන යෝජනාවක් ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා නව අග්‍රාමාත්‍යවරයා  වශයෙන් ඊට නුසුදුසු පුද්ගලයෙකු පත් කිරීම නිසා ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූලභාවයට විශාල හානියක් සිදුව ඇති බවද ප්‍රකාශ කළේය.

පක්ෂයක් වශයෙන් මහමැතිවරණයට තරග කොට එකම මන්ත්‍රී ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ පුද්ගලයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම තුළින් ජනාධිපතිවරයා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු  රැසක් බිඳ දමා ඇති බවත් මේ දිනවල ජනතා විරෝධයක් මගින් ඔහුට ගෙදර යන ලෙස විශාල පිරිසක් බලකොට සිටීම මේ කරුණු වලට අනුව ඉතාම  සාධාරණ බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.


රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුළ නීත්‍යානූකූලභාවයක් මුල සිටම දක්නට නොලැබුණු  බව පවසන මන්ත්‍රීවරයා කියා සිටින්නේ මහ මැතිවරණයට තරග කොට ඉන් පරාජය වීමෙන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්පත් කරගෙන ඇත්තේද නීත්‍යානුකූල හෝ සදාචාර සම්පන්න  ක්‍රමයකට නොවන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා ඉතාම ඉක්මනින්  පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවක් ඉදිරිපත්කරණ බවත් ඉන් පසුව රනිල් වික්‍රමසිංහ ගේ අගමැතිධූරයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගයන් ගැන  විමසා බලන බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Exit mobile version