මෙතෙක් ආණ්ඩු පාලනය කළේ මෝල් කාරයො එකෙක් දෙන්නෙක්… දැන් ඒව බෑ.

හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

රජය විසින් නියම කරන ලද පාලන මිලට සහල් ලබා නොදෙන වී මෝල් හිමියන්ට එරෙහිව දැඩි පියවර ගතයුතු බව හිටපු මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වී මෝල් දෙක තුනක් විසින් බලයට පැමිණි ආණ්ඩු පාලනය කළ ද මින් ඉදිරියට එය කිරිමට ඉඩ නොදී පාරිභෝගික ජනතාව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පෙනී සිටින බවත් හෙතෙම කීය.

මේ වනවිට සහල් කිලෝවක පාලන මිල රුපියල් 90 ක් ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද එම පාලන මිලට වඩා ශතයකින් සහල් මිල වැඩි කිරීමට ඉඩ නොදිය යුතු අතර යම් මෝල් හිමියෙක් හිතුවක්කාරී ලෙස එලෙස සහල් මිල වැඩි කරනවා නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද හිටපු ඇමතිවරයා පවසයි.


මේ කන්නයේ දී සශ්‍රික සහල් අස්වැන්නක් ලැබුණු බව පවසන  ඔහු එය රහසක් නොව රටම දන්නා කාරණයක් බවත්, එවැනි පසුබිමක  කිසිසේත්ම සහල් හිඟයක් ඇති වීමට හෝ පාලන මිල ඉක්මවා යෑමට හැකියාවක් නැති බවත් පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාලන මිලට වඩා සතයක් හෝ වැඩියෙන් සහල් අලෙවිකරන්නේ නම් එවැනි අයට තරාතිරම නොබලා  දඬුවම් කළ යුතු බවත්, පැවති ආණ්ඩු එසේ නොකළ නිසා මෝල් හිමිකරුවෙක්  දෙන්නකේ සහල් මාෆියාවක් ඇතිකරගෙන ඔවුන් රටේ සහල් මිල තීරණය කරන්නන් බවට පත් තිබූ බවත් හෙතෙම වැඩි දුරටත් කීය

Exit mobile version