මුව ආවරණ නැතිව සිටිය දී අත්අඩංගුවට ගත් 06කට කොවිඩ්

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව නගරයේ මුව ආවරණ නොමැතිව ගමන් කළ පුද්ගලයින් පිරිසක් අත් අඩංගුවට ගෙන ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වලදී පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා රෝගය ආසාධිත වී ඇතිබව තහවුරු වී තිබේ.

පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයින් 21 දෙනෙකු පී.සි.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව මෙම ප්‍රතිපලය ලැබී තිබේ.

මේ අනුව වවුනියාව නගරයේ සැරිසරණ පුද්ගලයින්ගෙන් විශාල පිරිසක් කොරෝනා ආසාධිතයින් නිසා සෙසු ජනතාව වඩාත් පරෙස්සම් වන ලෙස වවුනියාවේ සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version