මුලතිව් ඉඩමකින් බෝම්බ තොගයක් ගොඩ ගනී….

දිනසේන රතුගමගේ –

නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත මුලතිව් ළමා නිවාසය් අසල ඉඩමක වළලා තිබු  අධි බැලැති ක්ලේමෝ බෝම්බයක් අත් බෝම්බ දෙකක්  රොකට් බෝම්බයක්  හා පතරොම් තොගයක් 29 දා සොයා ගෙන තිබේ.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් මෙම යුද උපකරණ තොගය මේ ස්ථානයේ වළදමා ඇති බවට ලද තොරතුරක් මත නාවික හමුදාව මුලතිව් පොලීසියටද ඒබව දැණුම් දී ඒවා ගොඩ ගෙන තිබේ.

නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් සොයා ගත් එම යුද උපකරණ තොගය පුපුරවා විනාශ කිරීම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට මුලතිව් පොලීසිය පියවර ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් ප්‍රදේශයෙන් තවත් යුද උපකරණ තොගයක් මීට දින හතරකට ඉහතදී උද හමුදාව හා පොලීසිය එක්ව සොයා ගෙන තිබුණි.

Exit mobile version