මියන්මාර මිලිටරිය සු කීගේ කාර්යාලත් විනාශ කරයි

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් බලහත්කාරයෙන් නෙරපා, නිවාස අඩස්සියේ රඳවා සිටින නායක අවුන් සාන් සූ කීගේ පක්ෂයේ යාන්ගොන් මූලස්ථානය ඊයේ රාත්‍රි හමුදාව විසින් වටලා එහි ගොඩනැගිල්ල ද මුළුමනින්ම විනාශ කර දමා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කරන්නැයි ඉල්ලන විරෝධතාකරුවන්ට එරෙහිව හමුදා පාලනය දියත් කරන “පිළිගත නොහැකි” ප්‍රචණ්ඩත්වය එක්සත් ජාතීන් විසින් හෙළා දැක පැය කිහිපයකට පසු මෙම සිදුවීම වී තිබේ.

මියන්මාරයේ සිවිල් නායකත්වය ඉවත් කරමින් නායිකා සු කී ජෙනරාල්වරුන් විසින් රඳවා තබා ගැනීම ගෙවී ගිය දින ගණ්නාව පුරාම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීදිවලට ​​ඇද දමා ඇත.


“මිලිටරි ආඥාදායකයා රාත්‍රී 9.30 ට පමණ එන්එල්ඩී මූලස්ථානය වටලා විනාශ කර දැමුවා” යැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සිය ෆේස්බුක් පිටුවේ නිවේදනය කළේය.

පක්ෂයේ එම කෙටි ප්‍රකාශය පමණක් නිවේදනය කර ඇති අතර එමගින් වැඩි විස්තර ලබා දී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඟහරුවාදා සිව්වන දිනටත් පෙලපාලි යාම සිදුවූ පසුව මෙම වැටලීම සිදු විය. පොලීසිය විසින් නගර කිහිපයක ජල කාලතුවක්කු භාවිතා කිරීම, නයිපයිඩාවෝ අගනුවර විරෝධතාකරුවන්ට රබර් උණ්ඩ වෙඩි තැබීම සහ මැන්ඩලේහි කඳුළු ගෑස් යෙදවීම වාර්තා වෙයි.

Exit mobile version