මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක ජය පොහොට්ටුවට

2020 මහමැතිවරණයේ දැවැන්ත ජයක් අත්පත් කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක බලය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

එහිදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන දෙකක් හිමිවුණි.

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 06ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිවුණි.


හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 06කි. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් දිනාගැනීමේ දී සමගි ජන බලවේගයට හිමි වුයේ එක් මන්ත්‍රී ආසනයක් පමණයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 06ක් හිමි වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 07කි. සමගි ජන බලවේගයට එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 04ක් සහ සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11කි. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවුයේ මන්ත්‍රී ආසන 04ක් පමණයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 07ක් ලබාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 02ක් දිනාගත්තේය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08ක් දිනාගත්තේය. සමගි ජන බලවේගය පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් දිනාගත් ආසන සංඛ්‍යාව 02කි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 8ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 4ක් ලබා ගැනීමට සමත් වුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08ක් දිනාගත් අතර සමගි ජන බලවේගය ආසන 03ක් දිනාගැනිමට සමත් වුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රී ආසන 5න් 4ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණි.

සෙසු මන්ත්‍රී ධුරය දිනාගත්තේ සමගි ජන බලවේගය පක්ෂය යි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 12ක් හිමිකර ගෙන තිබේ. සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ආසන 06ක් ද ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් ද හිමිවුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 13ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 04ක් සහ ජාතික ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 03ක් සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ වන්නි දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගැනීමට සමත් වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවලින් සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 02 බැගින් ද වන්නි දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද දිනාගත්තේය.

Exit mobile version