මැතිවරණ කල් දමන රටක ප්‍රතිරූපය උත්සව තබා ගොඩ නැගිය හැකි ද?. පැෆරල් අසයි!

පවතින තත්ත්වය තුළ අවුරුදු දෙකකට වැඩි කාලයක් මැතිවරණ කල්යෑමේ අවදානමක් ඇති බැවින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ක්‍රියාත්මක කර මැතිවරණය වෙනුවෙන් 2023 අයවැයෙන් වෙන්කරනු ලැබූ රුපියල් බිලියන 10ක මුදල ලබාගෙන අරමුදල් සම්පාදන ගැටලුව විසඳා ගැනීමට    සියලූ දේශපාලන පක්ෂ එකතු වී යෝජනාවක් සම්මත කරන ලෙස පැෆරල් සංවිධානය යෝජනා කරයි.

එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ ආගමික උත්සව, නිදහස් උත්සව වැනි උත්සව පැවැත්වීමට අරමුණ වුයේ රටේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව ජනාධිපති පැවසුව ද, ජනතාවගේ ඡන්ද අයිතිය බැහැර කරන රටක් ලෝකය ඉදිරියේ ප්‍රතිරූපය ඉහළ නංවන්නේ කුමන ආකාරයට දැයි ගැටලුවක් බවය.

විධාය අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසුවේය.

“පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ නිල කාලය මාර්තු මාසේ විසි වෙනිදා අවසන් වෙනවා. ඊට පස්සේ සිදුවන කාරණය තමයි මේක නිලධාරී පාලනයකට යනවා. පළාත් සභාවේ මහජන නියෝජිතයෝ නැහැ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ ග්‍රහණයේ තිබෙන්නේ. ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් තියෙනවා. තනි පුද්ගලයෙක් වටා මේක කේන්ද්‍ර ගත වෙනවා.


මෙහි බරපතළ කාරණය තමයි පළාත්පාලන මැතිවරණය කල් ගියොත්, ආණ්ඩුව නැවතත් නව නාම යෝජනා ගැනීමේ තැනකට ආණ්ඩුව මේක ගෙනියනවා. සීමා නිර්ණය අවසන් කරලා නාමයෝජනා කැඳවන තැනකට මේක ගෙන්න පුළුවන්. දින නියමයකින් තොරව කල් යෑමට හැකියාව තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමාලෝචන කමිටුවක් සීමා නිර්ණ වාර්තාවත් එක්කම තවත් කල් යා හැකියි. මෙතෙක් නීතියට පිටින් ගිය මේ කටයුතු නීතියට අනුව අවුරුදු දෙකකට විතර මැතිවරණ කල් යෑමේ අවදානමක් දැන් තිබෙනවා.”

Exit mobile version