මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

ANI_20200407174

නතාෂා නෙත්මිණි –                                    

කොවිඩ් වෛරස ආසාදිත වූවන් හඳුනා ගැනීම සඳහා  පසුගිය පෙබරවාරි 18 වෙනි දින සිට කරන ලද පීසීආර් පරීක්ෂණ  සඳහා රජය හා පෞද්ගලික අංශය  වැයකර ඇති මුදල රුපියල් කෝටි 648ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

පීසීආර් පරික්ෂණ 1 486 951 (දාහතර ලක්ෂ අසූහයදාස් නවසිය පනස්එකක්) ක් සිදුකර ඇති අතර මෙම පරික්ෂණ  පෞද්ගලික ආයතන 07ක් තුළ  සහ රාජ්‍ය අංශයේ ආයතන 22ක් තුළ සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

පෞද්ගලික අංශයේ වැඩිම පීසීආර් පරික්ෂණයන් සිදුකර ඇත්තේ  නවලෝක පෞද්ගලික රොහලේ වන අතර ඔවුන් පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ පීසීආර් පරික්ෂණයන් මේ වනවිට 197 230 (එක්ලක්ෂ අනූහත්දාස් දෙසිය තිහ)සිදුකර ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පසුගිය පෙබරවාරි මාස 18 වෙනිදා සිට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය තුළ සිදුකර ඇති පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව 175 741 ක් යැයිද  .(එක්ලක්ෂ හැත්තෑපන්දාස් හත්සිය හතලිස් එක) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ස්ථාපිත කර තිබෙන පීසීආර් රසායනාගාරය මගින් සිදුකර ඇති පරික්ෂණ සංඛ්‍යාව 139 981 ක් (එක්ලක්ෂ තිස්නමදාස් නමසියි අසූඑකක) යැයිද ඔහු සඳහන් කරයි.

 

Exit mobile version