මාස තුනකට පසු යාපනය ඩෙල්ෆ්ට් බෝට්ටු සේවය යළි ඇරඹෙයි…

දිනසේන රතුගමගේ –

කොරෝනා වසංගතය හා බුරවි සුළි සුලඟ හේතුවෙන් නවතා දමා තිබූ යාපනය හා ඩෙල්ෆ්ට් දූපත අතර  බෝට්ටු සේවය මාස තුනකට පමණ පසුව අද ( 10 ) උදෑසන දැඩි සෞඛ්‍ය නීති රීති මධ්‍යයේ යළි ආරම්භ කරණ ලදී.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ඉල්ලීමකට අනුව යළි මෙම බෝට්ටු සේවාව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දක්වා ආරම්භ වූ අතර ඒ සදහා වඩතාරකී,කුමුදුනී,හා නෙඩුන්තාරකී යන බෝට්ටු තුන යොදවා තිබුණි.

යාපනය කුරීකඩ්ඩුවාන් ජැටියේදී නාවික හමුදා නිලධාරීන්  විසින් එම බෝට්ටු වලින් ගමන් කිරීමට පැමිණි ජනතාව දැඩි සෞඛ්‍ය ක්‍රමවේදයන් ඔස්සේ  බෝට්ටු වලට ගොඩ කළ අතර විශාල පිරිසක් යාපනයේ සිට ඩෙල්ෆ්ට් දූපතට යාම සදහා පැමිණ සිටියහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩෙල්ෆ්ට් දූපතේ රජයේ කාර්යාල වල හා පාසල් වල සේවය කරණ පිරිස  යාපනයේ සිට  ඔවුන්ගේ සේවාඅ ස්ථාන කරා ගමන් කරණු ලබන්නේද ආපසු පැමිණෙන්නේද  මේ බෝට්ටු සේවය මගිනි.

Exit mobile version