මාස්ක් එක නිකටෙ නම් දඩය රුපියල් දහ දාහයි… මාස හයක් හිරේ…

නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් අද නිකුත් කරයි....

නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද (15) කටයුතු කළාය.

නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය ආරක්ෂා  කරගැනීම, මුඛ ආවරණ පැළැඳීම, වැනි මූලික සෞඛ්‍යය  ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අදාළව  මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමගම  මින් ඉදිරියට නිරෝධායන නීති කඩන පුද්ගලයින්ට රුපියල් 10 000කට නොවැඩි දඩයක්, මාස 06 සිර දඬුවමක් යන දඬුවම් දෙකම  හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකියාව තිබේ.


මීට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථානවලට ඇතුළත්වන සෑම තැනැත්තෙකුම  සෑම අස්ථාවකදීම මුව ආවරණ පැළැඳ සිටීම, දෙදෙනෙක් අතර දුර මීටරයකට නො අඩු සේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සේවා ස්ථානයට ඇතුළුවීමට පෙර සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලිම, විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පිරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම, අතුළුවන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වා ගැනීම, සේවා ස්ථානවල උපරිම සේවා නියුකතීන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම ඒ අතර වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන් සංරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂාත කරුණුවලට අදාල නීති තව දුරටත් ශක්තිමත් කිරීමට ද මේ ගැසට් පත්‍රය මගින කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

 

Exit mobile version