මාලබේ ‘ස්ලිට්’ මහපොළ අරමුදලට ලොකු පාඩුවක් කරලා

වෙළෙඳ ඇමති බන්දුල කියයි

මහපොළ අරමුදලේ මුදල් භාවිත කරමින් ආරම්භ කළ මාලබේ ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අයථා ලෙස බැහැර කිරීම හේතුවෙන් පසුගිය රජය කාලයේ මහපොල අරමුදලට විශාල හානියක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව ඉදිරියේදී තමන් කැබිනට් මණ්ඩලය වෙත සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා මාලබේ තොරතුරු තාක්ෂණය ආයතනය මහපොළ අරමුදලින් බැහැර කිරීම පිළිබඳව ජනාධිපති කොමිසමක් මඟින් මෙන්ම රජයේ විගණකාධිපතිවරයා විසින් විමර්ශණය කොට අරමුදල ට සිදුව ඇති පාඩුව පෙන්වා දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මහපොල අරමුදලේ රුපියල් කෝටි සියයකට පමණ ආසන්න ප්‍රමාණයක් නෙට්වෙල්ත් සමාගම් හරහා පසුගිය කාලයේ විශාල අලාභයක් සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.


තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මහපොළ අරමුදලට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය ද අඩුව ඇති බවද මීට අමතරව නෙට්වෙල්ත් ආයෝජන සමාගම් ආයෝජනය හරහා මහපොළ අරමුදලේ රුපියල් කෝටි සියයකට වඩා අලාභයක් සිදුව ඇති බවද පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද සඳහන් කළේය.

“ මහපොල අරමුදලේ සමස්ත වියදම මිලියන 182යි. දෙමාපියන්ගේ වාර්ෂික අදායම ලක්ෂ 05ට අඩු අයට මෙම මහපොල ආඡාරය ලැබීමට සුදුසකම් ලැබුවද අද එ සියලු දෙනාටම මහපොළ ශිෂ්‍යත්ව ආධාරයලබා දිය නොහැකි ත්ත්වයක් පවතිනවා. එවැන අවස්ථාවලදී වැඩි ඉසඩ් අගය මතද තෝරා ගන්නවා. අඩු අදායම් ලබන 20.000ක් අතරින් 15000කට පමණ ශිෂ්‍ය්ත්වය ලැබෙුනෙවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උසස් පෙළ විභාගයේ දක්ෂතා මත මෙම තේරීම සිදුකර ඇති අතර ඉතිරි සිසුන්ට විශ්ව විද්‍යාල මගින් ලබා දෙන ශිෂ්‍යාධාර හිමිකම ලැබෙනවා යයි ද පැවසීය.

Exit mobile version