මාධ්‍යවේදියා අස්ගිරි විහාර ගේට්ටුව කඩාගෙන ගිහින්… සෙබළකුට බරපතලයි

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවේ වැදී සිදුවූ අනතුරකින් අස්ගිරි මහා විහාර ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්තව සිටි හමුදා සෙබළෙකු බරපතළ තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

අනතුර අද (30) පෙරවරු 10.30 ට පමණ සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

වේගයෙන් පැමිණි මෝටර් රථය ගේට්ටුවේ වැදී හමුදා සෙබළාද යට කරගෙන ගොස් අස්ගිරි මහ විහාර පරිශ්‍රයේ නවතා තිබූ සුඛෝපභෝගි ජීප් රථයක ගැටී නතර වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රිය පදවා ඇත්තේ ප්‍රාෙද්ශීය මාද්‍යෙව්දියකු වන අතර ඔහු   මහනුවර පොලීසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ

Exit mobile version