මහව ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය ගල්ගමුවෙන් ඇරඹෙයි…

ශ්‍රීමතී විජේරත්න –

මහව ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය අද (07) ගල්ගමුව දුම්රිය ස්ථානයේදී   ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

 

එම අවස්තාවට ඉන්දියානු කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා ද සහභාගි වුවේය .එම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 91.27කි. මෙය ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. සීමාසහිත ඉර්කොන් ජාත්‍යන්තර සමාගම මෙහි කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කරන අතර ව්‍යාපෘතියෙන් ආවරණය වන සමස්ථ දුර ප්‍රමාණය කිලෝ මීටර් 128කි.

මෙම ප්‍රතිසංස්කරණයෙන් පසුව කොළඹ සිට කන්කසන්තුරේ දක්වා පැය පහක කාලයකින් දුම්රිය ධාවනය කිරීමට හැකි වේ. එසේම බූඔය නමින් නව දුම්රිය ස්ථානයක් දුම්රිය පද්ධතියට එකතු වීමද සිදුවේ. එසේම දුම්රිය ධාවනය කලහැකි වේගය 100kmph කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු එච්.එම්.ඒ.කේ.ඩබ්.බණ්ඩාර  , ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඒ.එම්.අශෝකද සහභාගි වූහ .


Exit mobile version