මහනුවර නගරසභා සීමාව තුළ අත්හිටවූ එන්නත් දීම ඇරඹෙයි…

බෙහෙත්

මහනුවර නගර සභා සීමාව තුළ ජනතාවට කොවිඩ් එන්නත ලබා දීම අද 18 දින සිට 21 දින දක්වා දින තුනක් පුරා පෙරවරු 7.00 සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න   පවසයි .
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සදහා ස්පුට්නික් එන්නත ලබා දෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා කාර්‍යාලය පවසයි .

ගැටඹේ මහානාම විදුහලේ දී හිරැස්සගල, ගැටඹේ ,උඩබෝවල,වෙල් අට,ග්‍රාම සේවක වසම් වල තෝරාගත් ජනතාවට එන්නත් ලබා දීමට නියමිත අතර ඩී.එස්.සේනානායක විදුහලේ දී අම්පිටිය උතුර ,අම්පිටිය දකුණ, බූවැලිකඩ,මල්වත්ත ග්‍රාම සේවා වසම් වලට ද , උසස් බාලිකා විදුහලේ දී සුදුහුම්පොල නැගෙනහිර හා බටහිර මුල්ගම්පොල ,දොඩම්වල ,නාගස්තැන්න ,දෙයියන්නෙවෙල ,කටුකැලේ ,අනිවත්‍ත ,ජනතාවට ජනතාවට එන්නත් ලබා දෙන බව නාගරික කොමසාරිස් වරයා පවසයි .

20 වැනි දිනයේ පෙරවරු 7.00 සිට පස්වරු 3.00 මහනුවර ශාන්ත අන්තෝනි පිරිමි විදුහලේ පිටකන්ද ගම ,නිත්තවෙල ,සියඹලාගස්තැන්න ,සෙංකඩගල ,මාවිල්මඩ ,ගාලවත්ත ,නවයාලතැන්න ,යටිවාවල ,මාපනාවතුර ,වට්ටාරන්තැන්න ග්‍රාම සේවා වසම් වල ජනතාවට එන්නත් ලබා දෙන අතර මහයියාව ,පූර්ණ වත්ත ,අස්ගිරිය ,බහිරවකන්ද ඉහළ කටුකැලේ ග්‍රාම සේවා වසම් වල ජනතාවට ශාන්ත සිල්වෙස්තර විදුහල් මධ්‍යස්ථානයේදී එන්නත් ලබා දෙන බව නිළ වශයෙන් සදහන් වේ .


අරුප්පල කාර්මික විදුහලේදී අරුප්පල නැගෙනහිර ,බටහිර ,මහවැලි උයන ,ලේවැල්ල ,වටපුළුව බටහිර හා දකුණ ජනතාවට එන්නත් කරණය සිදු කරන බවයි මහනුවර නාගරික කොමසාරිස් වරයා සදහන් කළේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


21 දිනයේදී ද මෙම එන්නත් කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද කොමසාරිස් වරයා පවසයි

Exit mobile version