මහනුවර දී මහවැලි ගඟ මැද අතරමං පුද්ගලයකු බේරා ගැනීමේ දැඩි මෙහෙයුමක්!

මහනුවර දී මහවැලි ගඟ මැද අතරමං පුද්ගලයකු බේරා ගැනීමේ දැඩි මෙහෙයුමක් !

මහනුවර වරාතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකුගෙන් අයකු දැඩි සැඩ පහරට හසුව අතුරුදන්ව ඇති අතර තවත් පුද්ගලයකු ගඟ මැද ගල් පරයක අතරමංව සිටින බව වාර්තා වේ. ඔහු බේරා ගැනීමට පොලිසිය ඇතුළු දිවි ගලවා ගැනීමේ කණ්ඩාම් මේ වනවිට දැඩි පරිශුමයක් දරමින් සිටින බව අප මහනුවර වාර්තාකරු සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගන්නෝරුව සිට කටුගස්තොට දක්වා මාර්ගයෙ වරාතැන්න සීමා මාලකය ආසන්නයෙන් මෙම පුද්ගලයන් දෙදෙනා දිය නෑම සඳහා ගඟට බැස ඇති බවට වාර්තා වන අතර අතුරුදන් පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්ද ආරම්භ වී ඇත. මෙම ප්‍රදේශයේ මහවැලි ගඟ ගල් පර සහිත වීම හේතුවෙන් සැඩ පහරේ වේගවත් බවක් උසුලන බව පොලිසය පවසයි.

Exit mobile version