මහජන උපයෝගීතා කොමිසම නැති කිරීමේ තැතට අගමැතිගෙන් තිතක්

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් සකසන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අත්සන් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විසින් ඊයේ (14) පැවැති කැබිනට් මණ්ඩලයට යොමු කිරිමට නියමිත ව තිබු අතර භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා විසින් මෙම පත්‍රිකාව සම්පාදනය කරන ලද බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයත් ආණ්ඩු පක්ෂයේම ඇතැම් පක්ෂ නායකයින් මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන් ඊට එරෙහිව ප්‍රකශහ නිකුත් කිරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතු බව අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී තිබේ.


එබැවින් මෙය අදාළ පාර්ශ්ව සමඟ යළි සාකච්ඡා කරන තෙක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇතැයි එම ආංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබුණේ විදුලි බල ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසම අහෝසි කර එයින් සිදු කරනු ලබන කාර්යය පාරිභෝගික අධිකාරිය වැනි වෙනත් ආයතනවලට යොමු කිරීමට සහ සේවක මණ්ඩලය ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතට ගැනීමට කටයුතු කරන ලෙසින්ය. කෙසේ වුවද එම ක්‍රියාවලිය මේ වනවිට පුළුල් විවේචනයකට ලක් වෙමින් තිබේ.

Exit mobile version