මවගේ මල ගෙදර දී බිවු අරක්කු විස වී පුතුන් දෙදෙනා මරුට…

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ – 

අඹේපුස්ස ප්‍රදේශයේ ජීවත්වන සිය මවගේ මළ ගෙදර පැමිණ පුතුන් දෙදෙනෙක් මල ගෙදරදී පානය කළ අරක්කු විස වීම නිසා මිය ගිය පුවතක් අද මීරිගම පොලිසියෙන් වාර්තා විය.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

ගල්නෑවේ සිට සිය මවගේ මල ගෙදර පැමිණි සහෝදරයින් දෙදෙනෙක් මල ගෙදර කටයුතු වලට සහභාගී වෙමින් සිට ඇත. මරණ ගෙදරට අසල් වැසි නිවසක වරායේ කන්ටේනර් රියදුරෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් සිටී. වරායේ  තැන්පත් කර ඇති එතනෝල් ගුදම්වලින් සාම්පල් පරීක්ෂා කිරීමට රේගුව වෙත ඉදිරිපත් කරද්දී  හඳුනන පුද්ගලයෙක් මාර්ගයෙන් ඉන් බෝතලයක් පුරවාගත් මේ පුද්ගලයා එය නිවසේ තබාගෙන සිට ඇත.


මලගෙදර අවස්ථාවේදී මරණ කරුවන් දෙදෙනාත් මේ තැනැත්තාත්, මරණකරුවන්ගේ මස්සිනාවන පුද්ගලයෙකුත් එතනෝල් බෝතලයෙන් අඩක් ජලයේ දිය කරගෙන පානය කර ඇත. ටික වෙලාවක් යන විට පානය කළ වුන් දෙදෙනෙක් සිහි නැති වී තිබේ. ඔවුන්ගෙන් අයෙක් වරකාපොල රොහලටත්  ඉතිරි කෙනා මීරිගම රෝහලටත් ඇතුළත් කර ඇත.

රෝහල්ගත කළ දෙදෙනා මිය ගිය බව දැනගත් සැනින් ඔහු සමග මත්පැන් පානය කළ අනෙක් පුද්ගලයන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් වී තිබේ. ඔවුන්ට බරපතල අසාත්මිකතා පෙන්වන්නේ නැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන අතර මේ වනවි පොලිසිය  සිද්ධියට අදාල ප්‍රකාශ සටහන් කරගනිමින් ඇත.

Exit mobile version