මන්ත්‍රී විශ්‍රාම වැටුප් යෝජනාව ආවෙ ආණ්ඩුවෙ පසුපෙළින්… බැසිල් කියයි!

රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා වසර 10ක් සේවය කළ යුතු බවත් මන්ත්‍රීවරුන්ට පමණක් වසර 05ක දී විශ්‍රාම වැටුපක් ලබාදීම උචිත නොවන බවත් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේ   ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේය.

2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් කරන්න ඕනේ. ඒ පනත ගෙන ඒමේදී ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් සහාය ලැබෙයි කියලා හිතනවා. විශ්‍රාම වැටුපක් ලැබීමට සාමාන්‍ය හිමිකම් ලැබෙන්නේ වසර 10ක් වත් සේවය කළොත් තමයි රජයේ සේවකයින්ට. ඒ අනුව අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුපක් ලැබීමට නම් අවුරුදු 5 ප්‍රමාණවත් නෑ කියලා. වසර 10ක් වත් සම්පූර්ණ කළ යුතුයි කියලා.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ආණ්ඩු පක්ෂයේ 40%ක් ඉන්නේ නව මන්ත්‍රීවරු. මේකට වැඩියෙන්ම සතුටු වුණෙත් ඒ මන්ත්‍රීවරු. මේ යෝජනාව ආවෙත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන්මයි. මම ඔවුන්ට ගෞරව කරනවා ඒකට.”

 

Exit mobile version