මතුගම ආසාදිතයන් අතර භික්ෂූන් වහන්සේ පස් නමක්…

මතුගමින් වාර්තා වන  කොවිඩ් 19 වයිරස ආසාදිතයන් අතර මතුගම  ඕවිටිගල විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු  භික්ෂූන් වහන්සේලා පස් නමක්ද සිටින බව වාර්තා වේ.

 මෙම භික්ෂූන් වහන්සේලා මතුගමින් හඳුනා ගැනුණු බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා සේවය කරන සුඛෝපභෝගී බස් රථයෙන් අනුරාධපුර වන්දනා ගමනක් වැඩම කොට ඇති අතර මේ අනුව මෙම ස්වාමීන් වහන්සේ පීසීආර් පරීක්ෂණයට ලක් කොට ඇත. ඒ අනුව උන්වහන්සේලා ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත.

අදාළ  බස් රථය අධිවේගී මාර්ගය ඔස්සේ මතුගම කොළඹ ධාවනය වන එකක් වන අතර එහි හිමිකරු, බස් රථ රියදුරු සහ කොන්දොස්තර ස්වේච්ඡාවෙන් ඉදිරිපත්  වී පීසීආර් පරීක්ෂණ සිදු කරගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් තිදෙනාම ආසාදිතයන් බවට තහවුරු වූ පසුව සිදු කෙරුණු පීසීආර් පරීක්ෂණ 36කින් 17 දෙනකුම ආසාදිතයන් බව හෙළි වී ඇත.

Exit mobile version