මත්තල ගුවන් තොටුපල ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකකට පැවරීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

ඉන්දියාවේ Shaurya Aeronautics Pvt. Ltd සහ රුසියාවේ Airports of Regions Management Company යන සමාගම් දෙක වෙත  මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කළමනාකාරීත්වය වසර 30ක කාලයක් සඳහා  පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2023 වසරේ ජනවාරි මස 09 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ෂවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමට  අනුමැතිය හිමිව තිබිණි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ   ආයතන 05ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර තිබූ බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙලෙස මත්තල ගුවන් තොටුපොළේ කළමනාකරණය ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකක් වෙත පැවරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version