මත්කුඩු ජාවාරමුන් ගැන හොයන සීඅයිඩි නිලධාරීන්ගේ ආරක්ෂාවත් අනතුරේ

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මත්කුඩු ජාවාරමේ නිරතවීමක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ද මේ වන විට අනාරක්ෂිත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

මත්කුඩු ජාවාරම්කරුවන් මෙන්ම පාතාල අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නැමැත්තන් බන්ධනාගාරයේ සිටම මේ වන විට ඉහළ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුට තර්ජනය කර ඇති අවස්ථාවකදී ඔවුන්ගේ මත්කුඩු ජාලය සම්බන්ධයෙන් විර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලුවක් ව ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ මත්කුඩු ජාවාරම සොයන විමර්ශන නිලධාරීන්ට ඊට අවශ්‍ය නිසි පහසුකම් සහ අදා සැළකිලි නොලැබෙන බවට වූ චෝදනාවක්ද මේ වන විට එල්ල වෙමින් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මත්කුඩු ජාවාරම, බන්ධනාගාර නිලධාරීන්ට කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී විසින් තර්ජනය කිරීම, මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුට තරුපන්තියේ හෝටල් පහසුකම් ලබාදීම ආදී ප්‍රධාන විමර්ශන කිහිපයක්ම මේ වන විට සිදුකරනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකම කණ්ඩායමක් බව එම තොරතුරු අනාවරය කළේය.

Exit mobile version