මගීන් 112ක් සමග  මුහුද මැද දී අනතුරට පත් “ඩෙල්ෆ්ට් සමුද්‍රදේවී“  නාවික හමුදාවෙන් බේරා ගනී!

දිනසේන රතුගමගේ –

යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියෙන්  ඩෙල්ෆ්ට් බලා මගීන් 112 ක් රැගෙන ගිය යාත්‍රාවක් මහ මුහුද මැදදී අනතුරකට ලක් වීමෙන් පසුව දැඩි ජීවිත අවධානමකට ලක්ව සිටි මගීන් පිරිස හා බෝට්ටුවේ කාර්ය මණ්ඩලය වෙනත් බෝට්ටුවක ආධාරයෙන් නාවික හමුදාව සහ එම බෝට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් ඊයේ ( 5 ) බේරා ගෙන තිබේ.

ඩෙල්ෆ්ට් සමුපකාර සමීතියට අයත් සමුද්‍රදේවී නැමති යාත්‍රාව මගීන් රැගෙන ගිය අවස්ථාවේදී දැඩි කුණාටුවකට  හසු වීම නිසා බෝට්ටුවේ බඳ හරි මැදින් කැඩී ගොස් තිබේ.

මේ අවස්ථාවේදී බෝට්ටුව මුහුද මැද  කරකැවෙමින් තිබියදී මගීන් විලාප තබමින් කෑකෝ ගසන්නට වූ අතර බෝට්ටුවේ සේවකයින් වහාම මේ බව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියට දැනුම් දීමෙන් පසුව නාවික හමුදාව හා තවත් බෝට්ටුවක පිරිසක් ගොස්  අනතුරට ලක්ව සිටි බෝට්ටුවේ පිරිස එම බෝට්ටුවට නංවාගෙන අනතුරට පත් බෝට්ටුවද ඇදගෙන ආපසු  කුරීකඩ්ඩුවාන් ජැටිය වෙත පැමිණ තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව වෙනත් බෝට්ටුවක ආධාරයෙන් ඩෙල්ෆ්ට් බලා යාමට සිටි එම  මගීන් පිරිස  ඩෙල්ෆ්ට් වෙත යවා තිබේ.

Exit mobile version