බූස්ස බන්ධනාගාරයේ තවත් පිරිසකට කොවිඩ්

(ලලිත් චාමින්ද)

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට අද (12) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

ගාල්ල සහ කලුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත ගතකරණ රැදවියින් නිරෝධායනය කිරිම සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයට රැගෙන එන බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.


බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ වාට්ටුවක සිටි රැදවියෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වි තිබු අතර එම පුද්ගලයාගෙන් අනික් රැදවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැකකෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැදවියන් 150කට අධික පරිසක් පි.සි.ආර්. පරික්ෂණයට යොමුකරණු ලැබිය. මිට පෙරද බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.

Exit mobile version