බූරු මූණා පැය 72ක් රදවා ගනී !

අවිස්සාවේල්ලේ දී ඊයේ (17) අතඩංගුවට ගත් දරුණු අපරාධකරුවකු වන රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් දකුණු පොලිස් අපරාධ කොට්ඨාසයට, අවිස්සාවේල්ල මහාධිකරණයෙන් අවසර ලැබී තිබේ.

හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකු වන සැකකරු ඊයේ (17) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලීසිය මඟ හැර සැඟව සිට පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ගුවන් තොටුපළින් රටින් පළායාමට උත්සාහ කිරීමේදී පසුගියදා ඔහු අත්අඩංගුවට පත් විය. එහෙත් භික්ෂූන් වහන්සේලා දෙනමකගේ ආධරයෙන් ඔහු එවර පොලිස් අත්අඩංගුවෙන් පළා ගිය බව සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ පළාගොස් සිටි සැකකරු ඊයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

buru-muna

Exit mobile version