බැසිල් – රනිල් හමුවට සිරිපාල සහ අමරවීරත් එක් වෙලා !

ඉකුත් අඟහරවාදා රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල අර්බුදයක් ඇති කිරීමට මුල් වූ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීරත් එක් වී තිබීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ගැටලුවත් අතර විශාල සම්බන්ධයක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම මෙම හමුවේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බලය නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර ප්‍රමුඛ ආණ්ඩුවට හිවත් කණ්ඩායම වෙත කේන්ද්‍ර කරගෙන රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය සඳහා සන්ධානගත විය හැකි ආකාරය සම්බන්ධව ද සාකච්ඡාවට බඳුන් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බැසිල් රනිල් හමුවේ ප්‍රධාන ඉලක්කය වී තිබුණේ මැයි දිනයෙන් අනතුරුව දෙපාර්ශවය එක් වී නව සන්ධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ගැනීමත් බව වාර්තා විය.

හමුවේ දී  මැයි දිනයෙන් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා විධායක සභාව කැඳවන බවත්, එතෙක් මේ ආකාරයෙන් දේශාපාලන කටයුතු කරගෙන යන ලෙසත් බැසිල් රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහට දන්වා තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බැසිල් රනිල් හමුවට ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර යන රනිල් හිතවාදී පොහොට්ටු ඇමතිවරුත්, හරීන් ප්‍රනාන්දුත්, සමග තවත් කණ්ඩායමක් සහභාගී වී ඇත.

 

Exit mobile version