බන්ධනාගාර කැරැල්ල සම්බන්ධව නිලධාරීන් පිරිසක් ගැන විමර්ශන ඇරඹේ…

මහර බන්ධනාගාරයේ කැරැල්ල සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙක්  පිළිබඳ විශේෂ විමර්ශනයක් දියත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන පරිදි කැරැල්ලක් ලෙස වැඩි දියුණු වන්නේ දින ගණනාවක් තිස්සේ පැවති    මානුෂික ඉල්ලීමක උච්ඡ අවස්ථාවකි .  මීට දින කීපයකට ඉහතදී මරණීය දණ්ඩනයට නියම වූ වයස අවුරුදු  71 ක රැදවියෙකු මියයාමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් පවත්වන ලද පී.සීආර්.පරීක්ෂණයේදී රැඳවියා කොවිඩ් ආසාදිතයෙකු වීමත් සමගම සෙසු රැඳවියන් ඔවුන්ටද පී.සී.ආර්.පරීක්ෂණ ඉල්ලා සිටි බව එම  ආරංචි මාරග හෙළිදරවු කළේය..

ඒ අනුව රැදිවියන් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව 128 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැණුනු බව කී ඔහු එදා සිටම ඔවුන්ව ප්‍රතිකාර සදහා යොමු කරන ලෙසත් පී.සී.ආර්.පරීක්ෂණ නොකළ පිරිසව වහාම පරීක්ෂණ වලට යොමු කරන ලෙසත් ඉල්ලා සිටි බවද  වාර්තා වේ.


ශානී අබේසේකර   මහර බන්ධනාගාරයෙන් ඉවත්කිරීමෙන් පසුව මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඉල්ලීම් තීව්‍ර වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවුණු අවස්ථාවේදී  මේ උණුසුම් තත්වය ඇති වී තිබේ.

මේ අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිටින රැඳවියන් සමග විශාල රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට කඩා වැදී එහි සිටි ඖෂධ නිලධාරියා සහ හෙද  නිලධාරියෙක් ජීවග්‍රහයෙන් ගෙන බන්ධනාගාර රෝහලේ  ගබඩා කර ඇති මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ගයක්   ලබාගෙන ඇත.

කැරැල්ලේ දී රැඳවියන් විසින් කාර්යාල 10කට, ගබඩාවකට හා මුලුතැන් ගෙට ගිනි තබා හානි කර තිබේ. මෙම පරිස කල්දේරම්  කඩා උල් ආයුධ සකස් කරගෙන ඇති බවත්,  සිය භාරයට ගත් ඖෂධ නිලධාරියා හා හෙද නිලධාරියා ලවා තුවාල ලැබූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වේ. මෙම නිලධාරීන් දෙදෙනාට රැඳවියන් විසින් කළ පහරදීම් නිසා හෙද නිලධාරීවරයා මේ වනවිට ඉන්නේ බරපතල තත්වයෙන් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැරැල්ල සංවිධානය වන්නේ බන්ධනාගාර නිලධාරින්ගේ ද අනුදැනුම මත බවත්, ඒ  පසුපස බන්ධනාගාර නිලධාරීන් සිටින බවත් බන්ධනාගාර කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය ඇමතිනිය ඊයේ (30)   පාර්ලිමේන්තුවේ දී  කීවාය.

 

 

 

Exit mobile version