බදියුදීන් නිවසේ කලින් සේවය කළ මෙහෙකාරියන් 11 දෙනා දූෂණය වී ඇත්දැයි සොයා පරීක්ෂණ

එක් මෙහෙකාරියක් මස්සිනා අතින් දූෂණය වෙලා... දුම්රියට පැන සිය දිවි හානි කරගත් මෙහෙකාරියක් ගැන පරීක්ෂණ...

බදියුදීන්ගේ නිවසේ වසර ගණනක් තුළ මෙහෙකාරියකන් 11 දෙනෙක් සේවය කර ඇති බවත් ඉන් එක් තරුණියක් දූෂණය වී ඇති බවත් දැන් අනාවරණය ⁣වී ඇත.

ඒ 11 දෙනාම එහි සේවයට රැගෙන විත් ඇත්තේ එකම තැරැව්කරුවෙක් බව හෙළි වී තිබේ.

මෙම නිවසේ සේවය කළ සෙසු මෙහෙකාරියන්ටද ලිංගික අතවර සිදුව තිබේදැයි අනාවරණය කර ගැනීමට එම මෙහෙකාරියන් සොයා ⁣වි⁣ශේෂ පොලිස් කණ්ඩායමක් නුවරඑළියේ රැදී සිටිමින් පරීක්ෂණ පවත්වයි.


ඒ අයගෙන් දැනට 05 දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් පවසා ඇත්තේ බදියුදීන්ගේ මස්සිනා මැදවච්චයේ සිට පැමිණ එහි නවාතැන් ගත් අවස්ථා දෙකකදී තමා සමග ලිංගිකව එක්වූ බවය. තවත් දෙදෙනෙක් පවසා ඇත්තේ ඇස් ගසමින් තමන්ව පොලබවා ගන්නට උත්සාහ ගත් බවය.

මේ වනවිට ස්ත්‍රී දූෂණ චෝදනා පිට රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනා පොලිස් අත්අඩංගුවේ පසුවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රිෂාඩ් බදියුදීන් ඇමතිවරයෙක්ව සිටි වකවානුවේ දී බමබ්ලපියේ දී දුම්රියට පැන සිය දිවි හානි කරගත් මෙහෙකාර තරුණික් පිළිබඳව ද විමර්ශන කටයුතු අරඹා ඇතැයි වාර්තා වේ.

Exit mobile version