පොලිස් අත් අඩංගුවේ සිටි තරුණයා අයිස් මත්ද්‍රව්‍ය විෂ වී මිය ගිහින්…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත් කුඩු සම්බන්ධ වරදකට අත් අඩංගුවට ගෙන මඩකලපුව පොලිස් සිර මැදිරියක් තුළ සිටිය දී මිය ගිය තරුණයෙක් අයිස් මත්ද්‍ර ව්‍ය විෂ වීම නිසා මරණයට පත් වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

ලංකාසර මඩකලපු පොලිසියෙන් කරන ලද විමසීමක දී පොලිසිය පැවසුවේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මිය ගිය තරුණයා ගේ උදරය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 04ක් සොයා ගත් බවය.

ඉකුත් 02 දා ( පෙරේදා) රාත්‍රියේ මඩකලපුව පොලිසිය විසින් මෙම තරුණයාව මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය කියන්නේ පොලිස් අත් අඩංගුවට පත් වීමට පෙර ඔහු මෙම මත් කුඩු පැකට් හොරෙන් ගිල දමන්නට ඇති බවය.
අත් අඩංගුවට ගත් තරුණයා මඩකලපුව පොලිස් සිර මැදිරියේ රඳවා සිටිය දී බඩේ ඇති වූ වේදනාවක් මත ඔහුව මඩකලපුව රෝහලට ඊයේ (03) අලුයම ඇතුළත් කළ බවත්, එහිදී මෙම තරුණයා මිය ගිය බවත් පොලිසිය පැවසීය.

මරණ පරීක්ෂණය මඩකලපුව රෝහලේ දී සිදු කර ඇති අතර එහි දී අනාවරණය වී ඇත්තේ උදරයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය විෂ වීමෙන් මෙම මරණය සිදුවී ඇති බවය.

Exit mobile version