පොලිස්පතිකමට තමන්ගේ ගජයා පත් කරගෙන අමුතු ගේමකට සැරසෙන දේශපාලකයෙක් ගැන පොලිසිය ඇතුළේ කසුකුසුවක්!

Police-Sri-Lanka

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨතම නිලධාරීන් තිදෙනෙක් අතර මේ වනවිට ඇති ඇති තුන් කොන් පොලිස්පති තරගයේ දී තමන්ගේ හිතවතා පොලිස්පති කිරීම සඳහා එක්තරා ප්‍රබල ඇමති වරයෙක් ඉතාම දැඩි බලපෑම් සහිත ක්‍රියාවලියක නිරත වෙමින් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

මෙම දේශපාලකයාගේ අදහස වන්නේ සිය හිතවතා පොලිස්පති ධූරයට පත් කරගැනීමෙන් අනතුරුව මේ වනවිට දේශපාලකයින් සම්බන්ධව ඇති දූෂණ සහ වංචා සම්බන්ධ ලිපිගොනු සිය මෙහෙයවීමේ සීමාවට ගෙන අනාගත දේශපාලනය තම අභිමතය පරිදි හැසිරවීමේ  ක්‍රියාවලියක් බව පෙනී යන්නේ යැයි එම ආරංචි මාර්ග හෙළි දරව් කරයි.

එමෙන්ම අදාල නිලධාරියා පොලිස්පති කරගැනීමෙන් අනතුරුව ඔහුගේ ද සහය සහිතව  එල්ටීටීඊ සංවිධානය සතුව පැවතී පසුව රජයට පවරාගත් කොළඹ ආශ්‍රිත වටිනා දේපල සහ මහල් නිවාස නිදහස් කරගැනීමට වැඩපිළිවෙළක්  දියත්  කිරීමේ සැලැස්මක් පිළිබඳව ද පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට කතාබහක් ඇති වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් දැඩි අවබෝධයකින් යුතුව පොලිස්පතිවරයා පත් කරගැනීමේ කටයුත්ත ව්‍යවස්ථා සභාව සහ රජය පාර්ශවයෙන් සිදු නොකළහොත් යම් ව්‍යාකූල තත්ත්වයක් අනාගතයේ ඇතිවිය හැකි බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.!


 

Exit mobile version