පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් වැන්නාත් පනී….

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන්වැනි පුද්ගලයාත් පැන ගොස් තිබේ.

මින් පෙර ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ නිලධාරියෙක් අතුරුදහන් වූ අතර අතුරුදහන් වූ තුන්වැන්නා මල්ලවපොර ක්‍රීඩකයෙකි.

එම ක්‍රීඩකයා අගෝස්තු  06 වැනි දින මල්ලවපොර තරගයේ පළමු වටයේ තරගයට තරඟ වැදීමට නියමිතව තිබුණේය. ඔහු කොවිඩ් ආසාදිතව සිටි අයෙකි.

කොවිඩ් පරීක්ෂණය යේ දී කොවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව ඔහු  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයට මාරු කර යවා තිබිණි.


අනතුරුව දෙවැනි වර කොවිඩ් පරික්ෂණය සිදුකරන විට වෛරසය ඔහුගේ සිරුරින් ඉවත් වී ගොස් තිබුණු බවට තහවුරු වී ඇත. ඒ නිසා ඔහු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නිදහස් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු අතුරුදහන්ව ඇති බව දැනගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුව මධ්‍යස්ථානයෙන් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ ය.

 

Exit mobile version