පෙරහර මංගල්‍යයේ නිමාව දන්වන නිල උත්සවයේ දොර නිලමේලාගේ මැණිකෙලාට  වැසේ

පෙරහර මංගල්‍යය සාර්ථකව නිමා කළ බවට නිල වශයෙන් ජනපතිවරයාට දැන්වීම සඳහා චිරාගත සම්ප්‍රදායනුකූලව  දියවඩන නිලමේ ප්‍රමුඛ සිවු මහා දේවාලයේ බස්නායක නිලමේ වරුන් හා පිටිසර දේවාලවලයන්හි නිලමේ වරුන්ටත් ඔවුන්ගෙ බිරින්දෑවරුන්ටත් විවෘතවන  නිල අවස්ථාව සඳහා  කොවිඩ් වසංගත තත්වය හේතුවෙන්  බිරින්දෑවරුන් නොමැතිව පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් නිලමේ වරුන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

මහනුවර ඇසළ පෙරහර නිමාව සනිටුහන් කරමින්  රටේ නායකයා,   වෙත සංදේශයක් භාර දීම චාරිත්‍රයක්. එම අවස්ථාවේ දී පෙරහර සාර්ථකව නිමා කරනු ලැබු බවට සංදේශයක් පිරිනමනු ලබයි. මේ අවස්ථාවට හතර මහා දේවාලවල නිලමේවරු ඇතුළුව පිටිසර දේවාලවල නිලමේවරු ද සහභාගී වෙති.

ඊට නිලමේ වරුන් සමග ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වීම චාරිත්‍රයක්ව පැවතිනි. කොවිඩ් වසංගතය පැවතිය ද ගිය වසරේ ද   මෙම චාරිත්‍රය සිදුකරන ලදී.


එහෙත්   පවතින දැඩි කොවිඩ් වසංගත තත්වය යටතේ මෙම වසරේ එම චාරිත්‍රය පවත්වනු ලබන්නේ නිලමේ වරුන්ගේ සහභාගීත්වයෙන් පමණි.

ජනාධිපති නියෝගය අනුව නිලමේවරුන්ගේ භාර්යාවන්ට සංදේශය භාර දෙන අවස්ථාවේ මහනුවර ජනාධිපති මන්දිරයට සිය භාර්යාවන් කැටුව නොයන ලෙස දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙර චාරිත්‍ර පරිදි ජනාධිපතිවරයා සමග සංදේශය භාර දෙන අවස්ථාවේ ගැනීමට නියමිත සමූහ ඡායාරූපය මුව ආවරණ සහිතව ගැනීමට කටයුතු කරන ලෙස ද  ජනාධිපතිවරයා දන්වා

Exit mobile version