පෙනහළු බද්ධ වැඩසටහන නවතියි.. පොරොත්තු ලේඛනයේ සියලුම රෝගීන් මිය යයි…

මහනුවර ජාතික රෝහලේ පරිපාලනය හා කාර්ය මණ්ඩල කඹ ඇදීම නිසා සිදුවූ විනාශය හෙළි වේ.....

මහනුවර  ජාතික රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකය විසින් පෙනහළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා පූර්ණ සූදානමක් සහිතව සංවිධානය වී සිටිය දී  පරිපාලනය සහ කාර්ය මණ්ඩලවල එකඟතාවයක් නොමැති වීමෙන් එම වැඩපිළිවෙළ  කඩාකප්පල් වීම  නිසා පෙනහළු බද්ධ පොරොත්තු ලේඛණයේ සිටි සියලුම රෝගීන් මේ වනවිට මිය ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා පවසන ආකාරයට රෝගීන් 15ක් පමණ මෙම පොරොත්තු ලේඛණයේ ලියාපදිංචි වී සිට ඇත.

ලංකාවේ සෑම ප්‍රධාන රෝහලකම පෙනහළු බද්ධ කිරීමේ සැත්කම් සඳහා පහසුකම් ඇති බවත්,  ඒ සඳහා විශේෂඥ පුහුණුව ලද වෛද්‍යවරු හා කාර්ය මණ්ඩල ද සිටින බවත්, අවශ්‍ය තරම් පෙනහළු සපයා ගැනීමේ අවස්ථාවත් පවතින බවත් පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මෙම සැත්කම් ක්‍රියාත්මක නොවීම ගැටලු සහත බව පෙන්වා දෙයි.


“ පෙනහළු දුර්වල වීමේ රෝගී තත්වයට පත්වන රෝගීන්ට අනිවාර්යයෙන් පෙනහල්ලක් බද්ධ කළ යුතුයි. නැතිනම් ඔවුන් මිය යනවා.   පුද්ගලික රෝහලකින් මෙම සැත්කමක් කරගන්න වැය වන මිල දරාගන්න බෑ.  පෙනහළු දුර්වලවීමේ  රෝගයෙන් මිය යන බොහෝ රෝගීන්ගේ ජීවිත පෙනහළු බද්ධ සැත්කමකින් පසු බේරා ගත හැකියි.“   විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට මහනුවර රෝහලේ අවයව බද්ධයන් ලෙස කෙරෙන්නේ වකුගඩු හා අක්මා බද්ධය පමණි.

Exit mobile version