පී.සී.ආර් පර්ක්ෂණවලට එරෙහිව සිරුරට ගිනි තියාගන්න හදලා…

තමන්  පී.සී.ආර් පරීක්ෂණ සඳහා රැගෙන යෑමට එරෙහිව සිරුරට ගිනි තබාගෙන විරෝධතාවය ප්‍රකාශ කරන්නට සූදානම් වූ පුද්ගලයන් පිරිසක් පිළිබඳ  මුන්දලම පොලිස් වසමින් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මුන්දලම පොලිස් වසමට අයත් උඩප්පුව  ප්‍රදේශයේ නිවාස තුනක කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමගම ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වූ එම නිවෙස් වැසියන් නිවෙස් තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.


අනතුරුව මේ පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීම  පසුගිය 08 දා සඳහා මුන්දලම පුලිච්චිකුලම මාතෘ සායන මධ්‍යස්ථානයේ දී  සූදානම් කර තිබිණි. ඔවුන්ට ඒ පිළිබඳව දැනුම් දුන්නත් ඊට සහභාගී වීම සඳහා නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව විමසීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක  වූ එම්.එම් ජනක එම නිවාස වෙත ගොස් තිබේ.

ඒ අවස්ථාවේ දී ආශ‍්‍රිතයින් අතර සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඉදිරියට කඩා වැදී තමන් හෝ තම පිරිස පීසීආර් පරීක්ෂණ සඳහා රැගෙන ගියහොත් සිරුරට පෙට‍්‍රල් දමාගෙන ගිනි තබා ගන්නා බව පවසා තර්ජනය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව සිද්ධියට මුහුණ දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඒ. ආර්. ජවුසිට තත්ත්වය දැනුම්  දී ඇත. අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා උඩප්පුව පොලිසිය ට සිද්ධිය දන්වා පොලිසිය මැදිහත් කරගෙන  ආදාළ පිරිස ජෛව පටල සාම්පල ලබා ගැනීම සඳහා යොමු කිරීමට කටයුතු කර තිබිණි.

 

 

Exit mobile version