පිළිකාකාරක වස හමුවෙලා… N-joy  පොල්තෙල් වෙළෙඳපොළෙන් ඉවත් කරයි…

N-joy සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළේ ඇති සියලුම පොල් තෙල් ඉවත් කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර ඇත.

මෙම පොල්තෙල්වල පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු වීම මෙයට හේතු වී ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් සහ ශ්‍රි ලංකා කාර්මික තාක්ෂණ ආයතනයෙන් පරීක්ෂා කළ සාම්පලවලද මෙම පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොල් තෙල් දේශීය කොප්පරාවලින් නිපදවනු ලබන බවට  පාරිභෝගික අධිකාරිය සදහන් කරන අතර එසේ වුවද එහි පිළිකාකාරක අෆ්ලටොක්සීන් අන්තර්ගත වී ඇත. මේ වනවිට එම සන්නාමය අලෙවි කරන සමාගමේ තොග ගබඩා කර ඇති, ආදම්ජී ලුක්මන්ජී සමාගමට අයත් ග්‍රෑන්ඩ් පාස් හි පිහිටි පොල් තෙල් ගබඩාවද මේ වනවිට මුද්‍රා තබා ඇත


Exit mobile version