“පැන්ඩෝරා පත්‍රිකා“ චෝදනාවල සාක්ෂි හඬපට රන්ජන් ලඟ!

පැන්ඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හඬපට වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි  සඳහන් කරයි.

මේ සම්බන්ධව හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට දැනුම් දුන් බවත් මන්ත්‍රීවරයා කියයි.

ඔහු මේ බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් හිටපු මන්ත්‍රීවරයා සමග සාකච්ඡාවක් පවත්වා සුව දුක් විමසා පැමිණි පසුවය.


මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පැන්ඩෝරා පත්‍රිකාවලට අදාල සාක්ෂි  රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සතුව ඇති බවට ඔහු ලිඛිතවත් දැන්වීමට සැරසෙන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අල්ලස් කොමිසමේ දැනට විමර්ශනයවන සිද්ධියට අදාලව  සාක්ෂි විමසීම සඳහා ඔහුවත් කැඳවන ලෙස දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version